සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම්

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම (Ceybank AML) පුළුල් පරාසයකින් ආයොජකයින්ගේ අවශ්‍යතා සපුරාලන ප්රසමුඛතම වත්කම් කළමණාකාරණ සමාගමකි.

අප ප්‍රධානතම කාර්යයන් වන්නේ එකිනෙකට වෙනස් වු ආයෝජකයින්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එම අපේක්ෂා සම්පුර්ණ කරගැනීමට ප්‍රාග්ධන සහ මුල්‍ය වෙළඳපලෙහි ඇති ආයෝජන ක්‍රමෝපාය සපයාදීමයි. (අරමුදල් / ආයෝජන සැලසුම් / ආයෝජන කළමණාකරණය සහ ආයෝජන උපදේශන සේවා පැවැත්වීම)

“ඔබ කුමක් කළත්, කොහේ සිටියත් ඔබට ගැලපෙන ආයෝජන විසඳුම සී බෑන්ක් සතුවෙයි“ යන තේමා පාඨය ඔස්සේ සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම කටයුතු කරයි. මෙහිදී තනි හෝ සංස්ථාපිත ආයෝජකයින්ට සිය ආයෝජනය සම්බන්ධයෙන් වන අවධානම අවම කිරීමට කටයුතු කරයි. විශේෂයෙන් අවධානම් සහගත අවස්ථාවල දී ප්‍රාග්ධනය සුරකිමින් මුල්යු කළමණාකරණය කරගැනීමට සහය වීම සහ බදු ක්‍රියාන්විතයට සරිලන ආයෝජන විසඳුම් ආදී විසඳුම් රැසක් ඉදිරිපත් කරයි.

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම මෙරට ප්‍රාග්ධන හා මුල්ය වෙළඳ පල සම්බන්ධයෙන් ගැඹුරු හා පුළුල් දැක්මක් සහිතව කටයුතු කරන සමාගමකි.ඒකක භාර අරමුදල් ව්‍යුහගත කිරීම සහ උපදේශන සේවා සැපයීම

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනය සහ බලපත්රිලාභී සමාගමක් වන සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම ඒකක භාරකාර සහ අයෝජන සැලසුම් කළමණාකරනය කරයි. මුල්ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන ලංකා බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, Carson Cumberbatch PLC( Carsons) සහ Unit trust of India (UTI)මෙහි හිමිකාරීත්වය දරයි.

සී බෑන්ක් ඒකක භාරකාර අරමුදල් වල භාරකාරීත්වය දරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසිනි.

Contact US +94(11) 7602000

Unit Trust Prices as:22nd Mar 2023

අරමුදල Bid Price Offer Price
Ceybank Unit Trust

    35.17

    37.47

Ceybank Century Growth

    91.74

    95.99

Ceybank Savings Plus

    14.9552

    14.9552

Ceybank Surakum

    15.5490

    15.5490

Ceybank Glit Edge (A Series)

    17.2533

    17.2533

Ceybank High Yield

    17.9430

    17.9430


How to invest Download